Open a New Document
ෆොටෝෂොප් හී අලුත් ගොනුවක් විවෘත කිරිමේ දී අවදානය යොමු කළ යුතු කරුණු (Open a New Document)
පියවර 1:-
ෆොටෝෂොප් මෘදුකාංගය විවෘත කර ගන්න.
පියවර 2:-
අලුත් ගොනුවක් විවෘත කර ගන්න.
file => New
Shortcut Key එක වනුයේ Ctrl+N
පියවර 3:-
Name යන ස්ථානයේ නිර්මාණයට සුදුසු නමක් යොදන්න.
පියවර 4:-
දැන් අවශ්‍ය වන්නේ ඔබේ නිර්මාණය සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රමාණය (size) තෝරා ගැනිම ය. මේ සඳහා ක්‍රම 2ක් පවති.
පළමු ක්‍රමය වනුයේ,
ෆොටෝෂොප් මෘදුකාංගය මගින් ලබා දී ඇති Preset මගින් ඔබට අවශ්‍ය ප්‍රමාණය (Size) තෝරා ගැනීම ය. මෙහි දී ඔබට Photo, International Paper, U.S. Paper ආදී විවිධ කාණ්ඩ යටතේ ඔබට අවශ්‍ය ප්‍රමාණය තෝරා ගැනිමේ පහසුකම සලසා දී ඇත.
දෙවන ක්‍රමය වන්නේ,
ඔබ කැමති ආකාරයකට ප්‍රමාණයන් කිරිමට ලබා දීම ය. මෙහිදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කාරණයක් වනුයේ ඔබ දිග හා පළල ලබා දීමට ප්‍රථමයෙන් එය ගණනය කල යුතු ඒකකය ලබා දිය යුතු ය. එනම් ඔබ ගණනය කිරිම් සිදු කරනු ලබන්නේ සෙන්ටිමීටර් ද, අගල් ද යනාදී වශයෙන් ඔබ ගණනය කිරිමට බලාපොරොත්තු වන්නා වු ඒකකය මුලින් සඳහන් කර ඉන් පසුව ප්‍රමාණයන් ලබා දීම ය.
පියවර 5:-
Photoshop යනු Raster Graphic Software එකකි. එනම් Raster Graphic හී රූපයක් සෑදී ඇත්තේ කුඩා කොටුවකිනි. එනම් Pixel 1 කිනි. මෙහි Resolution යනු එයයි. මෙහිදී ද ප්‍රථමයෙන් මනින ඒකකය (අගලකට අල්ලනු ලබන Pixel ප්‍රමාණය හෝ සෙන්ටිමීටරයකට අල්ලන Pixel ප්‍රමාණය ) තෝරා අගය (300 ක් වැනි නම් High quality හා 72 ක් වැනි නම් Low quality ) ලබා දිය යුතු ය. අගලකට හෝ සෙන්ටිමීටරයකට අල්ලන කොටු නැතහොත් Pixel ප්‍රමාණය වැඩි වෙන තරමට නිර්මාණයේ ගුණාත්මකභාවය ඉහළ ය. Resolution අඩු වෙන තරමට ගොනුවේ ප්‍රමාණය ( Size ) හා ගුණාත්මකභාවය ( quality ) පහළ යන අතර වැඩි වෙන තරමට ප්‍රමාණය හා ගුණාත්මකභාවය ඉහළ යයි.
පියවර 6:-
Photoshop වල Color Mode කිහිපයක් පවති. ඒවා නම් Bitmap, Grayscale, RGB color, CMYK color, Lab color ආදී ලෙස ය. අප Digital තීරයේ කටයුතු කරන විට වැඩි වශයෙන් භාවිතා කරන්නේ RGB Color Mode 1 වේ. මෙහි 8 bit, 16 bit, 32 bit ලෙස ප්‍රමාණ ඇති අතර ප්‍රමාණය වැඩි වන්න ගුණාත්මකභාවය වැඩි වේ. අප වැඩි ප්‍රමාණයේ bit අගයක් ලබා දුනහොත්, picture import කිරිමේ දී ඊට වඩා අඩු bit ප්‍රමාණයක් ඇති picture import කිරීමට ලබා නොදේ.
පියවර 7:-
මෙහි දී අපි background එක ට යොදන්නා වු වර්ණය තේරීම සිදු කරනු ලබයි. මෙය white, background color හා Transparent යන විකල්ප (Option) 3 ක් පවති. White යන විකල්පයෙන් සුදු පැහැති පසුතලය පෙන්වන අතර මෙය Photoshop වල Default Background contents එක වේ. වෙනත් පැහැයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් අලුත් ගොනුවක් (New) ගැනිමට පෙර Tool panel එකෙහි Set background color යන එකෙහි ඔබට අවශ්‍ය වර්ණය තෝරා අලුත් ගොනුවක් (New) විවෘත කොට background content එක background color දෙන්න. විනිවිද පෙනෙන (Transparent) එනම් background එකක් අනවශ්‍ය නම් Transparent contents එක ලබා දෙන්න. Transparent contents එක Png වැනි File format වල පවති.
පියවර 1:-
ෆොටෝෂොප් මෘදුකාංගය විවෘත කර ගන්න.
පියවර 2:-
අලුත් ගොනුවක් විවෘත කර ගන්න.
file => New
Shortcut Key එක වනුයේ Ctrl+N
පියවර 3:-
Name යන ස්ථානයේ නිර්මාණයට සුදුසු නමක් යොදන්න.
පියවර 4:-
දැන් අවශ්‍ය වන්නේ ඔබේ නිර්මාණය සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රමාණය (size) තෝරා ගැනිම ය. මේ සඳහා ක්‍රම 2ක් පවති.
පළමු ක්‍රමය වනුයේ,
ෆොටෝෂොප් මෘදුකාංගය මගින් ලබා දී ඇති Preset මගින් ඔබට අවශ්‍ය ප්‍රමාණය (Size) තෝරා ගැනීම ය. මෙහි දී ඔබට Photo, International Paper, U.S. Paper ආදී විවිධ කාණ්ඩ යටතේ ඔබට අවශ්‍ය ප්‍රමාණය තෝරා ගැනිමේ පහසුකම සලසා දී ඇත.
දෙවන ක්‍රමය වන්නේ,
ඔබ කැමති ආකාරයකට ප්‍රමාණයන් කිරිමට ලබා දීම ය. මෙහිදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කාරණයක් වනුයේ ඔබ දිග හා පළල ලබා දීමට ප්‍රථමයෙන් එය ගණනය කල යුතු ඒකකය ලබා දිය යුතු ය. එනම් ඔබ ගණනය කිරිම් සිදු කරනු ලබන්නේ සෙන්ටිමීටර් ද, අගල් ද යනාදී වශයෙන් ඔබ ගණනය කිරිමට බලාපොරොත්තු වන්නා වු ඒකකය මුලින් සඳහන් කර ඉන් පසුව ප්‍රමාණයන් ලබා දීම ය.
පියවර 5:-
Photoshop යනු Raster Graphic Software එකකි. එනම් Raster Graphic හී රූපයක් සෑදී ඇත්තේ කුඩා කොටුවකිනි. එනම් Pixel 1 කිනි. මෙහි Resolution යනු එයයි. මෙහිදී ද ප්‍රථමයෙන් මනින ඒකකය (අගලකට අල්ලනු ලබන Pixel ප්‍රමාණය හෝ සෙන්ටිමීටරයකට අල්ලන Pixel ප්‍රමාණය ) තෝරා අගය (300 ක් වැනි නම් High quality හා 72 ක් වැනි නම් Low quality ) ලබා දිය යුතු ය. අගලකට හෝ සෙන්ටිමීටරයකට අල්ලන කොටු නැතහොත් Pixel ප්‍රමාණය වැඩි වෙන තරමට නිර්මාණයේ ගුණාත්මකභාවය ඉහළ ය. Resolution අඩු වෙන තරමට ගොනුවේ ප්‍රමාණය ( Size ) හා ගුණාත්මකභාවය ( quality ) පහළ යන අතර වැඩි වෙන තරමට ප්‍රමාණය හා ගුණාත්මකභාවය ඉහළ යයි.
පියවර 6:-
පියවර 7:-
මෙහි දී අපි background එක ට යොදන්නා වු වර්ණය තේරීම සිදු කරනු ලබයි. මෙය white, background color හා Transparent යන විකල්ප (Option) 3 ක් පවති. White යන විකල්පයෙන් සුදු පැහැති පසුතලය පෙන්වන අතර මෙය Photoshop වල Default Background contents එක වේ. වෙනත් පැහැයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් අලුත් ගොනුවක් (New) ගැනිමට පෙර Tool panel එකෙහි Set background color යන එකෙහි ඔබට අවශ්‍ය වර්ණය තෝරා අලුත් ගොනුවක් (New) විවෘත කොට background content එක background color දෙන්න. විනිවිද පෙනෙන (Transparent) එනම් background එකක් අනවශ්‍ය නම් Transparent contents එක ලබා දෙන්න. Transparent contents එක Png වැනි File format වල පවති.
Comments
Post a Comment