Email වල CC හා BCC අතර වෙනස හදුනා ගනිමු



                    වර්තමානයේ අන්තර්ජාලය හරහා ලබා දෙන අපිට නැතුවම බැරි සේවාවක් බවට විද්‍යුත් තැපෑල එනම් Email පත් වී හමාරය. වයස් භේදයකින් තොරව මේ කලයේ බාල තරුණ මහලු සියලු දෙනාම Email සේවාව පෞද්ගලික තොරතුරු හුවමාරුවේ සිට රාජකාරී තොරතුරු හුවමාරුව දක්වා යොදා ගන්නවා. එහෙනම් ඔයාලා Email ලියන විට දැකලා ඇති CC හා BCC කියලා දෙකක් තියෙනවා. ඇත්තටම මේ CC හා BCC කියන්නේ මොකක්ද?


                  සරලවම කිව්වොත් CC කියන්නේ Carbon Copy කියන එකයි.  BCC කියන්නේ Blind Carbon Copy කියන එකයි. සරලව ම කිව්වා කිව්වට තෙරුනේ නෑ නේද? මේ Carbon Copy හා Blind Carbon Copy අතර වෙනසක් තියෙනවා. ඒ තමා Carbon Copy වල අපි තව කාටද Email එක යැව්වේ කියලා අනිත් අපි යවපු අයට බලන්න පුලුවන්. එත්  Blind Carbon Copy වල අපි තව කාටද මේ Email එක යැව්වේ කියලා බලන්න බෑ. ඒත් තෙරුනේ නැත්නම් මෙහෙම හිතන්නකෝ. 

                 උදාහරනයක් විදියට, නිමල් යවනවා Email එකක් කමලාට හා නයනාට Carbon Copy යටතේ. දැන් කමලාට Email එක බැලුවාම පේනවා නිමල් ඒ Email එකම නයනාටත් යවලා කියලා. ඒ වගේම නයනාටත් Email එක බැලුවාම පේනවා ඒ Email එකම කමලාටත් යවලා කියලා. හැබැයි දැන් නිමල් Email එක Blind Carbon Copy යටතේ කමලාට හා නයනාට යවලා කියලා හිතන්නකො. දැන් කමලාට Email එක බැලුවාම පෙන්වන්නේ නෑ නිමල් තව කාට හරි ඒ Email එකම යවලාද කියලා. නයනාටත් පෙන්වන්නේ නෑ නිමල් තව කාට හරි ඒ Email එක යවලා ද කියලා. නිමල් විතරයි දන්නේ ඒ Email එක එයා කී දෙනෙක්ට යැව්වාද කියලා. එක ලැබුනු පුද්ගලයො දන්නේ නෑ තව කාටද ඒ Email එක ලැබුනේ කියලා. හැබැයි Carbon Copy යටතේ යැව්වා නම් ඒ Email එක ලැබුනු පුද්ගලයෝ දන්නවා තව කාටද මේ Email එක ලැබුනේ කියලා. ඔන්න ඕක තමා CC හා BCC අතර තියෙන වෙනස. ආ.. ඒ වගේම කියන්න ඔනි අපි To කියලා කිප දෙනෙක්ගේ Email address දාලා Email යවන එක, Carbon Copy යටතේ යවන Email එකයි එක සමානයි..

Comments

  1. CC wala email address 1ka yawapu kenata penawada BCC walin email yawapu kenawa?

    ReplyDelete
  2. Nae.. cc wala email add 1 yawapu kenta bcc waling katada yewwe kiyala penwanne nae

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Find Duplicate Files ( Computer එකේ තිබෙන එක හා සමාන Files සොයා Delete කිරීම)

Open a New Document