වෙබ් පිටුවක් PDF ෆෝමැට් එකට හරවා ගනිමු
වර්තමානයේ අපි සියලු දෙනා විවිධ තොරතුරු සොයන්න අන්තර්ජාලය භාවිතා කරනවා. ඒ විදියට ලබා ගන්න තොරතුරු පසු ප්‍රයෝජනය සඳහා වෙබ් පිටු ලෙස save කර ගැනිම තමා අපි ගොඩක් වෙලාවට කරන්නේ. හැබැයි ඒ වෙබ් පිටු, වෙබ් පිටුවක් ලෙසම save කර ගන් නැතිව PDF ෆෝමැට් එකට save කර ගන් තියනවා නම් අපිට එක ගොඩක් ලොකු පහසුවක්. මොකද වෙබ් පිටුවක් පරිශිලනය කරනවට වඩා PDF ෆෝමැට් එකෙන් තියෙන ලිපිගොනුවක් පරිශිලනය කිරිම ගොඩක් පහසුයි. එහෙනම් අපි බලමු කොහොමද වෙබ් පිටුවක් PDF ෆෝමැට් එකට හරවා ගන්නේ කොහොමද කියලා.
මම මේ සඳහා යොදා ගන්නේ Mozilla Firefox වෙබ් බ්‍රව්සර් එක. මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රව්සර් එක විවෘත කර ගෙන ඔයාලට save කර ගන්න අවශ්‍ය කරන වෙබ් පිටුවට පිවිසෙන්න.
මේ තියෙන්නේ මට save කර ගන්න අවශ්‍ය කරන වෙබ් පිටුව.
මීළඟට වෙබ් පිටුවේ දකුණු පස ඉහළ කෙළවරේ තියෙන Open Menu ව මත Click කරන්න.
එවිට ඔබට Print this Page යන icon එක ලැබෙනු ඇත. එය මත Click කරන්න.
එවිට ඔබට පහත පරිදි ඔබේ වෙබ් පිටුව ලැබෙනු ඇත. එහි එන Print යන icon එක මත click කරන්න.
එවිට ලැබෙන අතුරු මුහුනතේ අවශ්‍ය වෙනස් කිරීම් සිදු කොට OK කරන්න.
මීළඟට Save කිරීමට අවශ්‍ය Path එක සකසා File Type එක PDF ලෙස ලබා දී Save කරන්න.
දැන් ඔබට වෙබ් පිටුව PDF ගොනුවක් ලෙස පරිශිලනය කළ හැක.
Comments
Post a Comment